ඉතිරි කිරීමේ බැංකුවට කොටස් තල්ලුකළ කණ්ඩායමක් ගැන විමර්ශනයක්

    April, 10, 2015

    එක්තරා කොටස් තැරැව්කාර සමාගමක් සහ සංවිධානාත්මක පිරිසක් විසින් 2011 වසරේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විකුණා තිබෙන සමාගම් කිහිපයක කොටස් හේතුවෙන් බැංකුව රුපියල් බිලියන ගණනක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවත් මෙම ගනුදෙනු සම්බන්ධයෙන් රජය විසින් විමර්ශනයක් ආරම්භ කළ බවත් මුදල් අමාත්‍යවරයා කීය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම පිරිස විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විකුණා තිබෙන කොටස්වල මිල මේ වනවිට වෙළඳ පොළේ පහත වැටී ඇති බවයි.

    මොවුන් විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විකුණා තිබෙන කොටස් අතර ඇක්සස්, බ්‍රවුන්ස් ඇතුළු සමාගම් කිහිපයක කොටස් තිබෙන බව අමාත්‍යවරයා කීය.