ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවා යයි

    January, 2, 2025

    ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා යන ලදී.

    ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94 කින් ඉහළ ගොස් ඒකක 16,348.55 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 2.53% ක වර්ධනයක් වේ.

    අද දින රු. බිලියන 12.86 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.