ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,500 සීමාව ඉක්මවයි

    December, 27, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (27) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ඒකක 15,500 සීමාව පසුකර යෑමට සමත් විය.

    ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.07කින් ඉහළ ගොස් ඒකක 15,535.60ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව 0.88% ක ඉහළ යාමකි.

    මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 64.25 කින් හෙවත් 1.40% කින් අද දින ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 4,666.65 ක් ලෙසින් සටහන් වුණි.

    රු. බිලියන 9.81 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.