September, 1, 2025
ශ්රී ලංකා ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (01) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 ඉක්මවා යාමට සමත්වුණි.
ඒ අනුව දිනය තුළ ඒකක 65.09කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,062.45 ක් ලෙසින් සටහන් විය.
මීට පෙර පසුගිය අගෝස්තු 29 දින ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාව ඉක්මවා යාමට සමත් වුවද, එදින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 21,000 සීමාවෙන් පහළට ඇවිත් නතර වී තිබුණි.
අද ගනුදෙනු අවසානයේ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්ර හැසිරීමක් දක්නට ලැබුනු අතර ඒ අනුව S&P SL20 මිල දර්ශකය ඒකක 4.97කින් පහළ ගොස් ඒකක 6,071.82ක් ලෙසින් සටහන් විය.
අද දින රු. බිලියන 13.20ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි
Video Story