January, 5, 2026
මෙතෙක් ඉතිහාසයේ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා කළ 2018 වසරේ වාර්තාවන් බිඳ හෙලමින් 2025 වසර තුළ සංචාරකයින් 2,362,521ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි.
2024 වසර හා සැසදීමේ දී 2025 වසරේ සංචාරක පැමිණීමෙහි 15.1%ක එනම් ලක්ෂ 3 ඉක්ම වූ වර්ධනයක් දැක ගත හැකියි.
තව ද 2018 වසරින් පසු එක් මසක දී වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා කරමින් 2025 දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් 258,928ක් මෙරටට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 56,715 ක් ලෙසයි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 27,987ක්, එක්සත් රාජධානියෙන් 20,535 ක්, ජර්මනියෙන් 16,707ක් ලෙස දෙසැම්බර් මාසයේ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
2025 සමස්ත වසර පිළිබඳව සලකා බැලීමේදී ද ඉන්දියාව පෙරමුණේ පසු වන අතර එක්සත් රාජධානිය, රුසියාව සහ ජර්මනිය පිළිවෙලින් දෙවන, තෙවන සහ තුන්වන ස්ථානයන්හි පවතී.




Video Story