ඉදිකිරීම් කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයක්

    February, 5, 2025

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 දෙසැම්බර්

    ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 දෙසැම්බර්  මාසයේදී දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවය ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙක් විසින් අවධාරණය කරන ලදී.

    දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති සංඛ්‍යාව පෙර මාසයට සමාන මට්ටමක පැවති බව පෙන්නුම් කරමින් නව ඇණවුම් දර්ශකය කඩයිම් මට්ටමේ පැවතුණි. මේ අතර, සේවා නියුක්ති දර්ශකය දෙසැම්බර් මාසයේදී අඩු වේගයකින් වුවද තවදුරටත් පහළ ගියේය. ඉදිකිරීම් කටයුතුවල වර්ධනය හා සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දෙසැම්බර් මාසයේදී ද ඉහළ මට්ටමක පැවතුණි.