ඉන්දියානුවෝ ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටව යති

    January, 6, 2016

    කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය හෙවත්, TAL ලංකා හොටේල්ස් පීඑල්සී හි දෙවන විශාලතම කොටස්කරුවා වන ‘ද ඉන්දියන් හොටේල්ස් කම්පැනි ලිමිටඩ්‘ සිය හිමිකාරීත්වය අද (06) දිනයේ දී විකුණා දමනු ලැබීය.

    මෙම ගනුදෙනුවේ දී TAL ලංකා හොටේල්ස් පීඑල්සී කොටස් 34,375,640 ක් රු. 25.00 බැගින් මිලදී ගනු ලැබූයේ IHOCO BV නම් ආයතනය විසිනි. මෙය සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 24.62% කි. IHOCO BV යනු ඇක්විටි කොටස් තැරැව්කාර සමාගමේ සේවාදායකයෙකි.

    අද දින සිදුවූ මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. මිලියන 859.39 කි.

    IHOCO BV යනු වක්‍රාකාරයෙන් ඉන්දියන් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් (IHCL) හි අනුබද්ධ සමාගමකි.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates