May, 6, 2015
09 වන වරටත් පවත්වන ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශනය හෙට (07) උදෑසන 10.00 ට කොළඹ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් අරින්දම් බග්චි සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහභාගී වනු ඇත.
ඉන්දියානු ප්‍රදර්ශකයින් 80 දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රි 7.00 දක්වා ලබන සෙනසුරාදා (09) තෙක් පැවැත්වේ.
ඉන්දියානු නිෂ්පාදන මිලදී ගැනීමට සහ විකිණිම සඳහා මෙරට පැවැත්වෙන දැවැන්තම වෙළඳ අවස්ථාව ලෙසින් මෙය සැලකෙන අතර මෙරට වෙළඳ පොළට පිවිසීමට ඉන්දියානුවන්ට මෙයින් හොඳ අවස්ථාවක් ලැබෙනු ඇතැයිද සඳහන්ය.
මෙහිදී, ප්‍රදර්ශනය කිරීමට ඉලක්ක කර තිබෙන්නේ මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරයි.
Video Story