November, 9, 2016
ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු රු. 500 හා රු. 1000 නෝට්ටු අවලංගු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් එරට නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් මුදල් ඉපයූවන් හට ප්‍රබල පහරක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
ඉන්දීය අගමැති මෝදි පවසන පරිදි කළු සල්ලි ජාවාරම්වලට වැට බැඳීම, ව්‍යාජ මුදල් නෝට්ටු හා දූෂණ වැළැක්වීම මෙම පියවරෙ හි මූලික අරමුණ වී තිබේ.
මේ අනුව අද සිට ඉන්දියානු රු. 500 හා රු. 1000 නෝට්ටු හුදු කඩදාසි බවට පමණක් පත්වනු ඇත.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නොවැම්බර් 10 හා දෙසැම්බර් 30 කාලපරිච්ඡේදය තුළ දී රු. 500 හා රු. 1000 නෝට්ටු හිමියන් හට ඒවා සිය බැංකු ගිණුම්වල තැන්පත් කිරීමට අවස්ථාව හිමිවන බවයි. කෙසේ වෙතත් සාමාන්‍ය ගනුදෙනු සඳහා මෙම නෝට්ටු අද සිට භාවිත කිරීම අවලංගු වනු ඇත.