January, 7, 2016
ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ වඩාත් තරඟකාරීම ආර්ථිකය බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 හා එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිංගප්පූරුව හා ඩුබායි අතර ගෝලීය නගරයක් තවමත් ස්ථාපිත වී නැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙන බවත්ය. ඒ සඳහා ප්‍රධාන සැලසුමක් ලෙසින් ජෝජ් සොරෝස් මහතා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
අප පිළිබඳ විශ්වාසය තබා ශ්‍රී ලංකා ආර්ථික සමුළුව හා එක් වූ ජෝජ් සොරෝස් මහතාට තමා ස්තුතිවන්ත වන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 අද (07) සහ හෙට (08) දෙදින තුළ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.