April, 11, 2025
Mahindra & Mahindra Limited (M&M) හි අනුබද්ධිත ආයතනයක් සහ ඉන්දියාවේ අංක 1 වාණිජ EV නිෂ්පාදකයා වන Mahindra Last Mile Mobility Limited (MLMML), ශ්‍රී ලංකාවේ විකුණුම් ආරම්භ කිරීම සඳහා Evolution Auto (Pvt) Ltd සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. SLA Mobility සහ Sensai Group අතර හවුල් ව්‍යාපාරයක් වන Evolution Auto, MLMML EV සඳහා බලයලත් බෙදාහරින්නා වනු ඇත.
EV තාක්ෂණයේ පුරෝගාමියෙකු වන MLMML, ඉන්දියාවේ වාණිජ EV වාහන ලක්ෂ දෙකකට වඩා අලෙවි කර ඇත. ඉන්දියාවේ L5 ඔටෝ කාණ්ඩයේ 24% කට වඩා වැඩි EV ව්‍යාප්ත කිරීමක් Mahindra විසින් සිදු කර ඇත - මෙම සංඛ්‍යාව මීට වසර කිහිපයකට පෙර තනි ඉලක්කමකින් විය. Evolution Auto හරහා MLMML, Mahindra Treo Auto, Treo Plus, Treo Zor PU සහ Treo Zor DV සමඟින් ශ්‍රී ලංකා වාණිජ ප්‍රවාහන වෙළඳපොළ විද්‍යුත්කරණය වේගවත් කරනු ඇත.
Evolution Auto විසින් MLMML නිෂ්පාදන සඳහා පළමු ප්‍රමුඛ ප්‍රදර්ශනාගාරය “පැලියගොඩ” (කොළඹ මීගමුව පාර) හි විවෘත කරන ලදී. සමාරම්භක උත්සවයට MLMML කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුමන් මිශ්රා මහත්මිය, Evolution Auto හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන බොබ් සහ ධිරේන් කුන්දන්මාල්, චාරක පෙරේරා, නසාර් හම්මඩ්, මාස් රමිල් මොහොමඩ් සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා සහ COO සහරාන් සියාවුඩීන් සහභාගී වූහ.
ඊට අමතරව, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ගම්පහ, රත්නපුර, මොනරාගල සහ බදුල්ල යන ප්‍රදේශවල ‘3 S’ ජාල හරහා Mahindra EV මිලදී ගත හැකිය. ඉදිරි දිනවලදී තවත් අලෙවි නියෝජිතයින් එකතු කිරීමටද සැලසුම් කර ඇත.
Mahindra Last Mile Mobility Limited හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුමන් මිශ්රා මහත්මිය පැවසුවේ "ඉන්දියාවේ අංක 1 වාණිජ EV නිෂ්පාදකයා ලෙස, අපි ලෝකයේ අවසාන සැතපුම් අවකාශයේ තිරසාර ප්‍රවාහනය ලොවට ගෙන ඒමට කැපවී සිටිමු. ශ්‍රී ලංකාවේ අපගේ නව බෙදාහැරීමේ සහකරු ලෙස Evolution Auto සමඟින්, විශ්වාසදායක සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සමඟ ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙමු" යනුවෙනි.
Evolution Auto හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා පැවසුවේ, "Evolution Auto ශ්‍රී ලංකා වෙළඳපොළට තිරසාර විසඳුම් ගෙන ඒමට කැපවී සිටී. ඉන්දියාවේ MLMML හි සාර්ථකත්වයෙන් ආභාෂය ලැබූ Evolution Auto, ශ්‍රී ලංකාවේ 3W මගී සහ භාණ්ඩ ප්‍රවාහන අංශ විද්‍යුත්කරණය සඳහා මග පාදනු ඇත" යනුවෙනි.
MLMML දැනට ජපානය, ග්වාතමාලාව, එක්සත් රාජධානිය, නේපාලය සහ බ්‍රසීලය වෙත සිය නිෂ්පාදන අපනයනය කරන අතර එහි ගෝලීය පියසටහන පුළුල් කිරීම දිගටම කරගෙන යන අතර, තවත් නිවේදන ඉක්මනින් අපේක්ෂා කෙරේ.
Video Story