October, 14, 2025
ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) විසින් ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලයේ ඇති බැංකුවලට සහ එම රටවල නේවාසික පුද්ගලයින් හට ඉන්දියානු රුපියල්වලින් (INR) ණය ලබා දීම සඳහා ඉන්දියානු බැංකුවලට අවසර දෙමින් එරට මූල්‍ය රෙගුලාසි සංශෝධනය කර තිබේ.
මේ අනුව සංශෝධිත රෙගුලාසි යටතේ, ඉන්දියානු බැංකු සහ ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල පිහිටා ඇති ඒවායේ විදේශීය බැංකු ශාඛාවලට, එම රටවල ණය ඉල්ලුම්කරුවන්හට ඉන්දියානු රුපියල් ණය ලබා දීමට හැකිවනු ඇත.
කලාපීය ගනුදෙනුවලදී ඉන්දියානු රුපියල් භාවිතය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ඉන්දියාව සහ එහි අසල්වැසියන් අතර වෙළඳ හා මූල්‍ය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉන්දියාව විසින් මෙම තීරණය ගෙන ඇත.

