ඉන්දියාවේ වරාය සංවර්ධන දැනුම ශ්‍රී ලංකාවට

    June, 28, 2024

    ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන කටයුතූ අංශයට ලෝකයේ ප්‍රමුඛතම නාවික කටයුතු සහ ඒ හා සමග ඉදිකිරීම් කටයුතු පිළිබඳ හසල අත්දැකීමක් ඇති බවත් එලෙසම එම මොඩලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති බවත් ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින් මහතා පැවසීය.

    ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම සහ ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමූහය සමග එක්ව ක්‍රියාත්මක කරන කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉහළම ඵලදායීතාවය සහ කාර්යක්ෂම භාවය ඇති කිරීම සඳහා ජෝන් කීල්ස් සමාගම සමග එක්ව කටයතු කරන බවද ඒ මහතා පැවසීය.

    එමෙන්ම ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන අංශය ඉන්දියාව තුල වරාය 14ක සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කර ඇති අතර ඒවා ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සංවර්ධනයට යෝග්‍ය පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින් මහතා මහතා මේ බව කියා සිටියේ ඉන්දියාවේ අදානි සමූහයේ ගුජරාට් හි පිහිටි මුන්ඩ්රා වරායේ දී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.