ඉන්දියාවේ හවුලෙන් සාම්පූර් හි සූර්ය බලාගාර දෙකක්

    February, 20, 2025

    රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගම විසින් ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 50ක (අදියර I) සහ මෙගාවොට් 70ක (අදියර II) සූර්ය බලාගාර ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවකට පැමිණ ඇත

    ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව විසින් හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද Trincomalee Power Company Ltd මඟින් යෝජිත මෙගාවොට් 50ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.