November, 26, 2025
ඉන්දියාවේ ජාතික කෘෂිකාර්මික සමූපකාර අලෙවිකරණ සම්මේලනය (NAFED), ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගැනීම සිදුකළ හැකි ආකාරය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී මෙරට පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන පරිදි තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එකඟ වූ මිල ගණන් යටතේ ආනයනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදි.
සමූපකාර තොග වෙළඳ සංස්ථාව හරහා එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර ලංකා සතොස අලෙවි ජාලය සහ සමූපකාර ජාලය ඔස්සේ ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත සාධාරණ මිල ගණන් යටතේ බෙදාහැරීමට ඇති හැකියාව පිළිබඳව ද අදාළ සාකච්ඡාවේදී අවධානයට යොමු විය.
ජාතික කෘෂිකාර්මික සමූපකාර අලෙවිකරණ සම්මේලනය (NAFED), ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සමඟ ඍජු එකඟතාවයකට එළැඹ සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ අවශ්‍යතාවය පරිදි එරට සමූපකාර ජාලය හරහා තොග රැස්කර ගබඩා කරමින් සැපයීමට ඇති හැකියාව පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.
ඉන්දියාවේ ජාතික කෘෂිකාර්මික සමුපකාර අලෙවිකරණ සම්මේලනය ( NAFED ), එරට ගොවීන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන, සමුපකාර අලෙවිකරණය, ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇත.
ඉන්දියාවේ සමුපකාර නිෂ්පාදන අපනයනය කිරීමේ අරමුණ වෙනුවෙන් ඉතා කුඩා සංවිධානයක් ලෙස බිහි වූ ජාතික සමුපකාර අපනයන සමාගම (NCEL) අද වන විට ඉන්දියාවේ ආර්ථිකය වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.
Video Story