ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අගෝස්තු 16 සිට

    August, 12, 2024

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16 වන දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ හැකි බවයි.

    ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.