February, 12, 2015
ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් අතුරු අයවැයෙන් ලබාදුන් බදු සහනය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ යැයි තමා අනාවරණය කිරීමෙන් පසුව අදාළ සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා අද උදෑසන පැමිණ තමාව මුණගැසී සාකච්ඡා කළබව මුදල් අමාත්‍යවරයා පැවසීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනය මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයාට ලබාදීමට ඔහු එකඟ වූ බවත් යම් වැරදීමක් සිදුවී ඇත්නම් එයද සොයා බැලීමට කටයුතු කරන්නේ යැයි සඳහන් කළ බවයි.
ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනයම පාරිභෝගිකයාට ලබාදී නැතැයි හෙළිව තිබෙන නිසා එයට එරෙහිව කටයුතු කිරීමට රජය පසුබට නොවන බව මුදල් අමාත්‍යවරයා ඊයේ පැවසීය.
නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයනයේදී අයකරන බදු සියයට 15 කින් අඩු කිරීමට කටයුතු කර ඇත.
Video Story