ඉන්දීය තෙල් සමාගමට අසීරුයි. ලාභ 86% කින් පහළට

    August, 5, 2015

    ලංකා ඉන්දීය තෙල් සමාගමේ 2015 ජුනි කාර්තුවේ ලාභය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 86 කින් පහළ ගොස් රුපියල් මිලියන 171 ක්වී තිබේ.

    2015 ජුනි කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අලෙවිකළ ඉන්ධන ප්‍රමාණය සියයට 18.7 කින් පහළ ගොස් තිබෙන අතර ලබා තිබෙන අලෙවි ආදායම රුපියල් බිලියන 17.4 කි.

    මේ අනුව, මෙම කාර්තුවේදී සමාගම ලැබූ කොටසකට අදාළ ලාභය (Earnings per share) ශත 32 ක් දක්වා පහළ ගොස් තිබේ.

    මේ අතර, ලංකා ඉන්දීය තෙල් සමාගමේ අනිකුත් ආදායම්ද විශාල ලෙස පහළ ගොස් තිබෙන අතර වියදම් බොහෝ වැඩිවී ඇත.

    මේ වනවිට, මෙරට ඉන්ධන අලෙවි කරන්නේ සහනාධාර මිලකට නිසා එයින් ලංකා ඉන්දීය තෙල් සමාගම දැඩි අසීරුවකට පත්ව සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates