May, 19, 2014
ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝඩිගේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් පැහැදිලිවම අනාවරණය නොවුණත් ඔහු විසින් ලංකාව සමග වඩාත් ශක්තිමත් සබඳතා පැවැත්වීමට සූදානම් යැයි කර තිබෙන ප්‍රකාශය ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.
අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික ජනතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මිලියන 20 ක් පමණ වන ජනතාව මෙන් 15 ගුණයක් පමණ වන බවයි.
“මෙම මධ්‍යම පාන්තික කොටස සංචාරය කිරීමට, ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන කණ්ඩායමක්. ලංකාව සමග ආර්ථික වශයෙන් වඩාත් සමීපව කටයුතු කිරීමට නව ඉන්දීය අගමැතිවරයා කටයුතු කළහොත් එය ලංකාවට වාසිදායකයි.“
යනුවෙන් වීරසිංහ මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ලංකාව හරහා ඉන්දීය වෙළඳ පොළට ඇතුළු වීමට චීනයටද අවස්ථාව උදාවනු ඇති බවයි.
“ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතයි. මෙහිදී, මෙම ගිවිසුම භාවිතා කරමින් චීනයට ලංකාව ඔස්සේ ඉන්දීය වෙළඳ පොළට ඇතුළු විය හැකියි. එහිදී, කොන්දේසිය වන්නේ චීනය ලංකාව තුළදී සියයට 35 ක අගය එකතු කිරීමක් කළ යුතු වීමයි.“
නරේන්ද්‍රසිං මෝඩි සැලකෙන්නේ ව්‍යාපාර වලට බොහෝ හිතවාදී අයෙකු ලෙසයි.
මේ නිසා, මොහුගේ පාලන කාලයේදී ඉන්දීය ආර්ථිකය පවතිනවාට වඩා වර්ධනය වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළකර ඇත.
වසර ගණනාවක සිට සියයට 05 කට වැඩි ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ඉන්දියාව අපොහොසත්වීම කැපී පෙනේ.
Video Story