ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතාවට එරෙහිව වෘත්තිකයෝ පාරට බසිති

    February, 11, 2016

    ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිත ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) එරෙහිව වෘත්තීයවේදී සංගම් ගණනාවකගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය කියා සිටින්නේ අද පස්වරු 2.00 ට කොලඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් මෙම විරෝධතාව ආරම්භ කෙරෙන බවයි.

    මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය (IESL) සහ ඒ්කාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය (UPM) ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක් සහභාගී වන බව දන්වා සිටී.