ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි VIDEO

    January, 19, 2016

    යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි.

    එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්‍රය හෝ නීති ක්ෂේත්‍රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ බවත් එළඹෙන ජූනි මාසයේ දී පමණ මෙම ගිවිසුම අත්සන් කරන්නට හැකිවනු බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මාධ්‍ය හමුවේ දී දක්වන ලද අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=ixyP5stbSlo

    Video Story

    Stock Market

    Exchange Rates