June, 2, 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි මීළඟ වාරිකය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක් ලබා දීම ඊයේ (01) අනුමත කරන ලදී.
මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බවත්, ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මත 2018 ජූනි මාසයේ දී එහි ඉදිරි වාරිකය ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත්ය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ රාජ්‍ය මූල්‍ය අවදානම පහත හෙළීම සඳහා ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියා සිටින්නේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මගින්, වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවයි.