ඉන්ධන සහනාධාරවලින් දුප්පතුන්ට වඩා පොහොසතුන් වාසි ගැනීම මිල සූත්‍රයෙන් වැළකෙනවා – IMF

    May, 18, 2018

    ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල ප්‍රතිසංස්කරණය සඳහා ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වාදීම විශාල ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. දෙසතියකට වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී (17) එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගැරී රයිස් මේ බව කියා සිටියේය.

    “මිල සූත්‍රය නිසි පරිදි ක්‍රියාවට නැංවෙනවා නම්, ඉන්ධන සහනාධාර හරහා දුප්පතුන්ට වඩා පොහොසතුන් ප්‍රතිලාභ ලබා ගැනීම වැළකෙනවා. අපි සිතනවා මෙහි වාසිය ශ්‍රී ලංකා ආර්ථිකයට ලැබෙනවා කියා. එසේම අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ සිව්වන විවරණය ජූනි 01 දා සිදු කිරීමට නියමිත බව මට මෙහිදී කියන්න පුළුවන්.“

    “මෙය විශාල ඉදිරි පියවරක්. මේ හරහා ෆිස්කල් අවදානම් අවම කිරීමට හැකිවනු ඇතැයි අපි සිතනවා.“