October, 26, 2015
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා විදේශීය ආයෝජකයින් දිරිගැන්වීමේ තවත් හමුවක් එළඹෙන 28 හා 29 දෙදින සූරිච් හා ලන්ඩන් නගරවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදුකරනු ලබන අතර මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පිළිබඳ දේශන දෙකක් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන යන මහත්වරුන් විසින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මීට ප්‍රධාන පෙළේ විදේශීය ආයතනික ආයෝජකයින් 200 කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. මේ සඳහා මෙරට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රධාන පෙළෙ සමාගම් 12 ක නියෝජිතයින් ද එක් වීමට නියමිතය.
Video Story