August, 28, 2017
ඉන්සි සිමෙන්ති සමාගම, මෙරට ප්‍රමුඛතම කළමනාකරණ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයවන කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනය (PIM) සමග එක්ව සිය විධායක නායකත්ව සංවර්ධන වැඩසටහන (ELDP) පසුගියදා ආරම්භ කළේය. PIM ආයතනයේ තුන්වන වරටත් පැවති මෙම වැඩසටහන සඳහා ඉන්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් මෙන්ම, PIM ආයතනයේ ප්‍රධානීහු, පීඨ සාමාජිකයෝ සහ ඉන්සි ඇකඩමියේ ELDP වැඩසටහනේ තෝරා ගත් සාමාජිකයෝ සහභාගී වූහ.
ඉන්සි සිමෙන්ති සමාගමේ ක්‍රියාකාරී නායකයන් ව්‍යාපාරික නායකයන් බවට පත් කිරීම ELDP වැඩසටහනේ අරමුණයි. කළමනාකරුවන්ගේ තනි ක්‍රියාකාරී අංශ මෙන්ම බහුවිධ කළමනාකරණ භුමිකා ද උපරිම අයුරින් ඉටු කිරීම සඳහා සකස් කරන ලද සහතිකපත් වැඩසටහනක් හරහා එම අරමුණ ළඟා කර ගැනීමට අපේක්ෂිතය. ELDP වැඩසටහනේ පළමු හා දෙවන කණ්ඩායම් මේවන විට ඉන්සි සිමෙන්ති සමාගමේ විවිධ අංශ නියෝජනය කරමින් මැදි-කළමනාකරණ කටයුතුවල නිරත වෙයි.
"අපගේ මානව සම්පත වඩාත් සංවර්ධනය කිරීම සඳහා අප දක්වන අඛණ්ඩ කැපවීම මෙමගින් යළිත් තහවුරු වෙනවා. මෙම වැඩසටහන් හරහා ලබා ගන්නා දැනුම රැකියා පරිසරය තුළ භාවිත කිරීමේ අවස්ථාව කාර්යමණ්ඩල සාමාජිකයන් හට හිමිවන අතර, එය ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ සහ සමාගමේ සංවර්ධනයට ද බෙහෙවින් දායක වනු ඇත." යනුවෙන් සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ඉන්සි සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා ප්‍රකාශ කළේ, ඉන්සි සිමෙන්ති සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා දියත් කරන මෙම වැඩසටහන සමග සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බවය. "වැඩසටහන සඳහා සහභාගී වන පිරිසට උපරිම දැනුම ලබා ගත හැකි සහ රැකියා පරිසරය තුළ ඔවුන්ගේ උපරිම මට්ටමට ළඟා වීමට හැකි ලෙස මෙම වැඩසටහන ඉතා අවධානයෙන් යුතුව ගොඩනගා තිබෙනවා"
සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යයන වැඩ ලේඛන, ක්ෂේත්‍ර අධ්‍යයන සහ අවසාන ව්‍යාපෘතිය ඇතුළු අංග ඵලදායී ලෙස මෙම වැඩසටහන සඳහා යොදාගෙන තිබීම විශේෂත්වයකි. අවදානම්වලින් තොර රැකියා පරිසරයක් තුළ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අධ්‍යයන වැඩ ලේඛන සහ ක්ෂේත්‍ර අධ්‍යයන උපකාරීවන අතර, අවසාන ව්‍යාපෘතිය හරහා සැබෑ ආයෝජන ප්‍රතිලාභ (ROI) පෙන්නුම් කරමින් සිය සමාගම වෙනුවෙන් දායකත්වය ලබා දීමට සහභාගී වන්නන් හට අවස්ථාව හිමි වේ.
කුසලතාපූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව ඉන්සි සමාගම විධායක අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙස්-විදෙස් ආයතන රැසක් සමග අත්වැල් බැඳ ගනිමින් ඉන්සි ඇකඩමිය හරහා පරිපූර්ණ ආකෘතිගත ඇගයුම් සහ සහතිකකරණ පද්ධතියක් ගොඩනගා ඇත.

සේයා රූ සටහන : ඉන්සි සිමෙන්ති සමාගමේ පළමු විධායක නායකත්ව සංවර්ධන වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස PIM ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි (පළමු පේළිය-වමේ සිට තුන්වැන්නා), ඉන්සි සිමෙන්ති ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක (පළමු පේළිය-වමේ සිට සිවුවැන්නා), ඉන්සි සිමෙන්ති සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂ ප්‍රසාද් පියදිගම (පළමු පේළිය-දකුණේ සිට සිවුවැන්නා) සහ PIM ආයතනයේ පීඨ සාමාජිකයන් සමග
Video Story