ඉන්සි සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනය උදෙසා යෝධ පියවරක් තබමින් නවෝත්පාදන හඳුන්වා දීම සඳහා නව i2i Collaboration Space දියත් කරයි

    December, 2, 2019

    මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන ඉන්සි සිමෙන්ති ලංකා සමාගම සිය මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නංවාලීමට, ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නවෝත්පාදන නිර්මාණය කිරීම සඳහා i2i විවෘත සහයෝගීතා අවකාශයක් හඳුන්වා දී තිබේ.

    තාක්ෂණික සහ වෘත්තීය නිර්මාණ පදනම් කර ගත් ක්ෂේත‍්‍රයේ නව ඉදිකිරීම් කාර්යයන් සමඟ වේගයෙන් වෙනස් වන වෙළඳ පොළ තුළ නැගී එන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙය කාලෝචිත මුලපිරීමක්  වන අතර ඒ මගින් තරුණ ඉංජිනේරුවන් ද ඉගෙනීමෙන්, දක්ෂ ප‍්‍රවීණයන් බවට පත්වෙමින් සිටියි.

    ඉන්සි සිමෙන්ති, ඉදිකිරීම් කේෂ්ත‍්‍රයේ භාවිතයන් ප‍්‍රමිතිගත කර ඉහළ මට්ටමකට ගෙන යා යුතු බව කලින්ම වටහා ගත් අතර එහිදී නවෝත්පාදනයක් ලෙස අනර්ඝතම බ්ලෙන්ඩඞ් සිමෙන්ති ලංකාවට හදුන්වා දෙමින් කාර්ය සාධනය පදනම් කරගත් නව්‍ය විසඳුම් ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. එහිදී එම සංකල්පය ඉදිරිපත් වී මාස 18ක් තුළ කණ්ඩායමක් ලෙස එය සඵල කර ගැනීමට සමත් විය.

    ඉන්සි සිමෙන්ති හි අලෙවිකරණ, විකුණුම් හා නවෝත්පාදන විධායක උප සභාපති යෑන් කුනික් පෙන්වා දුන්නේ නවෝත්පාදනයන් සමාගමට මෙන්ම ශී‍්‍ර ලංකාවට ඉතාම වැදගත් බවයි. එහිදී ඔහු මෙසේ ද පැවසීය. ”නව සංකල්ප, නව්‍යකරණයන් සඳහා පුහුණුව සහ දැනුම ලබා දීම මෙන්ම, අපගේ හොඳම භාවිතයන් තරුණ උගතුන්, සංවර්ධකයින්, නිර්මාණකරුවන්, ඉංජිනේරුවන්, පෙදරේරුවන්, ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් වැනි ක්ෂේත‍්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ බෙදා ගැනීම වෙළඳපල නායකයෙකු ලෙස අපගේ ආයතනික වගකීමකි.”

    එසේම ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය ‘‘අපගේ i2i වැඩසටහන මඟින් මෙම කර්මාන්තයට සම්බන්ධ සියලූ දෙනාටම, විවෘත සහයෝගීතා අවකාශයක් ලබා දීම සැලකිය යුතු කරුණක්. නව්‍ය තිරසාර කොන්ක‍්‍රීට් සහ සිමෙන්ති විසඳුම් පදනම් කරගත් නිෂ්පාදන සංවර්ධනය කිරීම, හුවමාරුකර ගැනීම, ඉගෙනීම සහ පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ට මෙම අවකාශය භාවිතා කළ හැකියි. කර්මාන්තය සඳහා අවශ්‍ය විවිධ වර්ගයේ පර්යේෂණ  මොඩියුල 40 කට වඩා අපගේ විශේෂිත ක‍්‍රියාකාරී අවකාශයන් තුළ පරික්ෂා කිරීමේ හැකියාව පවතිනවා. අප ලබා දෙන පරීක්ෂණ 40 න් 15 ක් පමණ කර්මාන්තයට හා ඉදිකිරීම් වෙළඳපොළට නව්‍ය ඒවා වන අතර 10 කට වඩා වැඩි ප‍්‍රමාණයක් මගින් කාර්මික අංශය ආවරණය කෙරෙනවා.’’

    මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් , ඉන්සි සිමෙන්ති හි නව තිරසාරත්වයෙන් ඉහළ සහ වඩා කාර්යක්ෂම නිෂ්පාදන මගින් ලබා දෙන විසඳුම් තුළින්, මෙරට ඉදිකිරීම් කේෂේත‍්‍රයට සාම්ප‍්‍රදායික සාමාන්‍ය සිමෙන්ති නිර්මාණ සහ සරල කොන්ක‍්‍රීට් නිර්මාණ වලින් ඔබ්බට ගමන් කිරීමට හැකිවී ඇත. එහිදී සඳහන් කල යුතු සුවිශේෂී කරුණක් වන්නේ, නිපදවන සිමෙන්ති ටොන් එකකට ඇතුළත් වන සමස්ත හුණුගල් ප‍්‍රමාණය අඩු කිරීමෙන්, කාබන් විමෝචනය අවම කිරීමට ඉන්සි සිමෙන්ති හි මෙම මුලපිරීම උපකාරී වීමය. උදාහරණයක් ලෙස අද වන විට සමාගමේ නව්‍ය නිෂ්පාදන විසඳුම් හරිත නිෂ්පාදන ලෙස හඳුනාගත හැකිය.

    අළුතින් දියත් කරන ලද i2i සහයෝගීතා අවකාශය සඳුදා සිට සෙනසුරාදා දක්වා ක‍්‍රියාත්මක වන පරිදි සම්පූර්ණ විද්‍යාගාරයක්, සියලූ පහසුකම් සහිත ශ‍්‍රවණාගාරයක්, වාඩි වී වැඩ කරන අවකාශයක් සහිතව විශ්ව විද්‍යාල සිසුන්ට, තරුණ ඉංජිනේරුවන්ට, නව්‍යකරණ  බලපෑම්කරුවන්ට සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ට සිය කටයුතු සඳහා ප‍්‍රයෝජනවත් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. සාර්ථක ලෙස වෙළඳපල වෙත දියත් කිරීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ ගොඩනංවන ලද කොන්ක‍්‍රීට් වල ක‍්‍රියාකාරිත්වය විවීධ විශේෂිත අවකාශයන් තුළ තක්සේරු කිරීම සඳහා මූලාකෘතිගත කිරීමට සහ පරීක්ෂා කිරීමට මෙහිදී අවස්ථාව ලබා දේ.

    ඉන්සි  i2i වැඩසටහනට නායකත්වය දෙනු ලබන්නේ ඉන්සි හි ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සහ විසඳුම් අංශ ප‍්‍රධානී ආචාර්ය මූසා බාල්බකි විසිනි. ඔහු මේ පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසිය. ‘‘අපගේ ඉලක්කය වන්නේ හොඳම බ්ලෙන්ඩඕ සිමෙන්ති මත පදනම්ව මෙරටට නව්‍ය හා කාර්යක්ෂම තිරසාර විසඳුම් ලබා දීමේ ප‍්‍රමුඛයා වීමයි.”

    ආචාර්ය මූසා මහතා තවදුරටත් කියා සිටියේ, ”සමස්තයක් ලෙස i2i විසින් ගොඩනැගිලි හා ඉදිකිරීම් කර්මාන්තය සඳහා නව නිෂ්පාදන හා විසඳුම් සංවර්ධනය කිරීමටත්  ප‍්‍රවර්ධනය කිරීමටත් අවකාශය ලබා දෙන අතර විවෘත සාකච්ඡුාවන් සහ දැනුම හුවමාරු කර ගැනීම් දිරිමත් කරනු ලබනවා. එහිදී  ඉන්සි i2i සහයෝගීතා අවකාශය අපගේ ඉන්සි විශේෂඥයින්ගේ උපදේශන හා පුහුණු කිරීම් තුළින් උසස් කොන්ක‍්‍රීට් තාක්ෂණය ප‍්‍රවර්ධනය කිරීම සඳහා තොරතුරු පුස්තකාලයක් ලෙස ක‍්‍රියාත්මක කරනු ලබනවා.”

    i2i සහයෝගීතා අවකාශයේ පැවති මාධ්‍ය චාරිකාව අමතමින් යෑන් කුනික් මහතා මෙසේ පැවසීය. ”ලෝකය විවිධ පාරිසරික, ආර්ථික හා සමාජීය අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. අපගේ අනාගතය රඳා පවතින්නේ අපගේ ජීවිත වැඩිදියුණු කරන සම්පත් කාර්යක්ෂමතාවයට හේතු වන තිරසාර විසඳුම් මතයි.  සිමෙන්ති නිෂ්පාදනයේ ප‍්‍රමුඛයකු ලෙස මෙම කරුණු ත‍්‍රිත්වය පදනම් කර ගනිමින් ඒ මත පදනම්ව තිරසාර ව්‍යාපාර සංවර්ධන ආකෘති නිෂ්පාදනය කිරීමට ඉන්සි අවධානය යොමු කර තිබෙනවා.’’ එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය: ”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අඩු කාබන් විමෝචන සිමෙන්ති නිෂ්පාදනයක් ලෙස පිළිගැනෙන අපගේ සුපිරි මිශ‍්‍ර සිමෙන්ති නිෂ්පාදන එකතුව වන සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති හරහා ඉන්සි අප පරිසරය ආරක්ෂා කිරීමේ ප‍්‍රමුඛයා වන බව ඔප්පු කර තිබෙනවා. ඒ සමගම ක‍්‍රියාත්මක වන ඉන්සි ඉකොසයිකල් හි අපගේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපාරය එය තවත් තහවුරු කරනු ලබනවා. පසුගියදා 2019 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක් ඉන්සි වෙත පිරිනැමුණා. ඉන් එක් සම්මානයක් අපගේ පුත්තලම සිමෙන්ති කම්හල සඳහා පිරිනැමුණු අතර අනෙක් රන් සම්මානය  පාරිසරික සංරක්ෂණය සඳහා අපගේ දායකත්වය අගයමින් කටුනායක පිහිටි අපගේ පරිසර හිතකාමී පෙර සැකසුම් කම්හල සඳහා පිරිනැමුනා.”

    ඉන්සි i2i වටිනා සහයෝගීතා අවකාශයන්ගෙන් සමන්විත ය. එහි පළමු වැන්න නම් අවුරුදු 75 ට වැඩි සේවා කාලක් සඳහා කොන්ක‍්‍රීට් ව්‍යුහ සැලසුම් කිරීම සඳහා විවිධ නිරාවරණ තත්වයන් ඔස්සේ සේවා කාල ආකෘති නිර්මාණය සඳහා භාවිතා කරන ප‍්‍රධාන කල්පැවැත්ම පිලිබඳ දර්ශක සපයන උසස් පරීක්ෂණ ක‍්‍රමයක් සහිත කල්පැවැත්ම පිලිබඳ  අවකාශයයි. දෙවැන්න , රසායන විද්‍යාව සහ භූ විද්‍යා තත්වයන් තුළ ඉහළ සහතික කිරීමක් සඳහා නැවුම් කොන්ක‍්‍රීට් වල ගුණාංග තක්සේරු කිරීමේ අවකාශයයි. එහිද සාම්ප‍්‍රදායික පසුබෑමෙන් හා කාල පරීක්ෂණ වලින් ඔබ්බට ගිය සාදන ලද කොන්ක‍්‍රීට් වල ගුණාත්මකභාවය පරික්ෂා කෙරෙයි.

    මෙම අවකාශයෙහි තවත් එක්  අවකාශයක් ලෙස සමස්ත අවකාශය පෙන්වා දිය හැකිය. ඉදිකිරීම් කර්මාන්තය ගංගා වැලි වැනි ගුණාත්මක ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටී. එසේම බොහෝ රෙඩි-මික්ස් මෙහෙයුම් සිදුකෙරෙනුයේ නිෂ්පාදිත වැලි, ගල්වල දුවිලි හෝ මුහුදු වැලි වල තත්වයන් පිලිබඳවය. විශේෂයෙන්ම මෙම අවකාශය එවැනි මැටි වල අපවිත‍්‍රතාවය හා අංශුවල  හැඩය වැනි දර්ශක මත සමස්ථයන්ගේ ගුණාත්මකභාවය තක්සේරු කිරීමට පරිපූර්ණ ප‍්‍රවේශයක් සපයනු ඇත,

    මෙහි සිව් වන මට්ටම ශක්තිය සහ තෙත් අවකාශයයි. තිරසාර ඉහළ කාර්යසාධනයක් සහිත කොන්ක‍්‍රීට් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා විශේෂිත පරීක්ෂණ කළ හැකි ශක්තිය සහ තෙත් අවකාශයට හඳුන්වා දී ඇත. 180 MPa දක්වා වූ සැලසුම් කිරීමට ඉඩ සලසන සම්පීඩ්‍යතා ශක්ති යන්ත‍්‍රයක් පවතින අතර එය ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ශක්ති ප‍්‍රමිතීන් මෙන් දෙගුණයක පරීක්ෂණ මට්ටමක් පවතී. එසේම අති නවීන ස්විට්සර්ලන්ත තාක්ෂණය සහිත Non- Destructive Test (NDT)  සිදු කළ හැකි 130 MPa දක්වා ඉදි කළ ව්‍යුහ සඳහා භාවිතා කළ හැකි මෙම යන්ත‍්‍රයටද ශ‍්‍රී ලංකාවේ දැනට පවතින උපකරණ ධාරිතාවට වඩා දෙගුණයක ධාරිතාවක් පවතී.

    පරීක්ෂා කිරීමට පෙර ප‍්‍රමාණවත් මතුපිට සූදානම සහතික කිරීම සඳහා නව ග‍්‍රයින්ඩර් යන්ත‍්‍රයක් පැතීම තවත් විශේෂ වාසියකි. ඉහළ ශක්තියක් සහිත කොන්ක‍්‍රීට් පරික්ෂා කිරීම සඳහා කියුබ් හෝ සිලින්ඩර පරීක්ෂා කිරීමේදී, සම්පීඩක භාරයේ කේන්ද්‍රීයභාවය සහතික කිරීම වැදගත්ය. එබැවින්, INSEE i2i ශක්තිය පරීක්ෂා කිරීම සඳහා නව ග‍්‍රයින්ඩර් යන්ත‍්‍රයක් මෙම අවකාශයට ඇතුළත් කර ඇත.

    මෙම වැඩසටහන මගින් නව සිමෙන්ති මීටරයක් හඳුන්වා දෙන ලදී. මෙහෙයුම් වල ඇති ප‍්‍රධාන අභියෝගයක් වන්නේ කොන්ක‍්‍රීට් නිපදවීමේදී නිවැරදි ජල-සිමෙන්ති අනුපාතය සහතික කිරීමයි. නව සිමෙන්ති මීටරය ක්ෂුද්‍ර තරංග මත පදනම්ව ක‍්‍රියාත්මක වන අතර නැවුම් කොන්ක‍්‍රීට් වල සැබෑ ජල-සිමෙන්ති අනුපාතය තක්සේරු කෙරෙන අතර විශේෂයෙන්ම වැලි සහ සමස්ත තෙතමන තත්වය පරික්ෂා කෙරෙයි.

    අවසාන වශයෙන්, මාසයේ සෑම අවසාන බ‍්‍රහස්පතින්දා දිනකම දැනුම හුවමාරු කිරීමේ සැසි  ඉන්සි නව i2i සහයෝගීතා අවකාශය තුළබ අඛණ්ඩව සිදු කරගෙන යනු ඇත. මීට මාස 18 කට පෙර ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සහයෝගයෙන් දැනුම හුවමාරු කිරීමේ සැසි හඳුන්වා දෙන ලද අතර, සෑම සැසිවාරයකටම මෙම ක්ෂේත‍්‍රයේ කටයුතු කරන ප‍්‍රජාවේ  100 ත් 150 ත් අතර පිරිසකට ප‍්‍රතිලාභ ලබා ගත හැකි අතර ඔවුන්ට අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ ශ‍්‍රී ලංකාව තුල වේගවත්ව දැනුම හුවමාරු කර ගැනීම සඳහා ඉඩ සලසා  දේ. ඒ අනුව ඉදිකිරීම් කර්මාන්තයේ අවිධිමත් පරිසරයක සිටින විවිධ පාර්ශවකරුවන් සමඟ බාධාවකින් තොරව සම්බන්ධ වීම සඳහා අවස්ථාව මෙමගින් සැලසෙයි.

    අන්තර්ජාතික සිමෙන්ති වෙළෙඳපොළ තුළ බොහෝ දියුණු නිෂ්පාදන හා සේවාවන් පවතින අතර i2i  අවකාශය, තිරසාර, පරිසර හිතකාමී නිෂ්පාදන සහ විසඳුම් ප‍්‍රවර්ධනය කරනු ලබන, දේශීය ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්තය වේගවත් ජාත්‍යන්තර මාවතකට ඔසවා තැබීම සඳහා මෙන්ම ඉන්සි සිමෙන්ති දැක්ම වන ජාතිය ගොඩනංවා ජීවිතය ගොඩනැංවීම ශක්තිමත් කිරීම සඳහා සහයෝගී දැනුම කේන්ද්‍රස්ථානයක් වනු ඇත.