ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනයට රජයේ අවධානය

    March, 14, 2016

    ශ්‍රී ලංකාව විද්‍යුත් වාණිජ කටයුතු සඳහා සුදුසු ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන එක්සත් ජාතීන්ගේ විද්‍යුත් සන්නිවේදන ප්‍රඥප්තිය (UN-ECC) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    එක්සත් ජාතීන්ගේ විද්‍යුත් සන්නිවේදන ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාව 2015 ජූලි මස 07 වන දින අත්සන් තබන ලද අතර, මෙම ප්‍රඥප්තිය අපරානුමත කරන ලද ආසියාවේ දෙවන රට හා දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වේ.

    අන්තර්ජාතික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමයට සන්නිවේදනය භාවිත කිරීමේදී පැන නඟින ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් සැපයීම මෙම ප්‍රඥප්තියේ අරමුණ වේ.