October, 18, 2016
ලංකා වාණිජ මණ්ඩලයේ, ශ්රී ලංකා - රුසියා ව්යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් ඉසුරු සමරසිංහ මහතා පත් වී තිබේ. ශ්රී ලංකා - රුසියානු ව්යාපාරික කවුන්සිලයේ 13 වැනි මහා සභා රැස්වීම පසුගිය දා පැවති අතර, කවුන්සිලයේ උප සභාපතිවරුන් වශයෙන් ප්රියන්ත හපුආරච්චි හා බුද්ධප්රිය රාමනායක මහත්වරුන් 2016/17 වසර සඳහා පත්විය.
Unitrades (පුද්) සමාගමේ වත්මන් කළමනාකාර අධ්යක්ෂවරයා වන සමරසිංහ මහතා බාට්ලීට් සමූහයේ වසර 38 ක අත්දැකීම් ඇත්තෙකු වන අතර Bartleet Agencies Private Limited හා BC Agro-tronics Private Limited හි අධ්යක්ෂවරයෙකු ද වේ.