March, 26, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (26) ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.
එහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 2.05%කින් හා S&P SL20 දර්ශකය ඒකක 1.61%කින් පහළ යන ලදී.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 448.91කින් පහළ ගොස් ඒකක 21,419.94ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 98.71කින් පහළ ගොස් ඒකක 6,035.52ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.
මේ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුම ද පහළ මට්ටමක පැවති අතර රු. බිලියන 3.26ක් ලෙසින් එය වාර්තා වුණි.
Video Story