ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල රු.10,000කින් ඉහළට

    November, 13, 2025

    අද (13) දිනයේ දී මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 10,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මෙරට දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon පවසන්නේ අද පෙරවරු 10.00 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 310,800 ක් දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 336,000 ක් දක්වා ත් ඉහළ ගොස් ඇති බවයි.

    මේ අතර ලෝක රන් අවුන්සයක මිල අද වන විට ඩොලර් 4,212 සීමාව ඉක්මවා ඇති බව ද වාර්තා වේ.