ඊයේ වෙන්දේසියේ දී පොළී නගී

    December, 10, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය සතියට සාපේක්ෂව පොළී අනුපාතිකයන් හි සුළු වැඩිවීමක් සිදුව තිබේ.

    මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් පොළිය 6.06% සිට 6.10% දක්වා ද, දින 182 පරිණත කාලයෙනු යුතු බිල්පත් පොළිය 6.30% සිට 6.35% දක්වා ද, දින 364 පරිණත කාලයෙන් යුතු බිල්පත් පොළිය 6.82% සිට 6.92% දක්වා ද වැඩි වී තිබේ.

    මූලික වශයෙන් රුපියල් මිලියන 20,000 ක මුදලක් ලබා ගැනීම සඳහා මෙම භාණ්ඩාගාර නිකුතුව සිදුකරනු ලැබූ අතර ඒ සඳහා ඉදිරිපත්ව තිබූ මුළු ලංසු වටිනාකම රුපියල් මිලියන 45,906 කි. කෙසේ වෙතත් මේවායින් භාර ගෙන ඇත්තේ රුපියල් මිලියන 24,811 ක ලංසු පමණි.