May, 23, 2018
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරිං ව්‍යාපෘතිය සඳහා තොරතුරු තාක්ෂණ විසඳුමක් සකස් කර, ක්‍රියාත්මක කර පවරා දීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, Face Technologies & Metropolitan බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.