March, 28, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සහ ඩිජිටල් විසඳුම් සපයන්නෙකු වන Fcode Labs පෞද්ගලික සමාගමේ Flingo සහ CarromBot, ඩිජිටල් නිපැයුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ අරමුණෙන් ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවත්වන ඊ ස්වාභිමානී සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. ඊ ස්වාභිමානී සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්විණි. තනියම කැරම් ක්‍රීඩාව කළ හැකි කෘතිම බුද්ධිය මත පදනම් වූ රොබෝවකු වන CarromBot, ඩිජිටල් විනෝදාස්වාද (Digital Entertainment) කාණ්ඩයේ ජයග්‍රාහකයෙකු ලෙස සම්මාන ලැබීය. කැරම් ඉත්තෙකු වලට දැමීමට අවශ්‍ය නිවැරදි බලය සහ කෝණය තනියෙන් හඳුනා ගැනීමේ හැකියාව CarromBot සතුය.
සම්මාන උළෙලේ කුසලතා සම්මානයක් දිනා ගත් Flingo මොබයිල් ඇප් එක හරහා ඔබට චිත්‍ර ඇඳීමට සහ මිතුරන් සමඟ කතා බහ කිරීමට හැකිය. Flingo මොබයිල් ඇප් එක භාවිත කරන අයට සුමට අත්දැකීමක් ලැබෙන පරිදි නවීන තාක්ෂණය යොදා ගෙන සකසා ඇත. Fcode Labs (www.fcodelabs.com) යනු ඩිජිටල් පරිණාමය (Digital Transformation), ඩිජිටල් ඉංජිනේරු නිෂ්පාදන (Digital Product Engineering), කෘතිම බුද්ධිය (AI) සහ Blockchain සේවා සපයන ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව පදනම් කර ගත් සමාගමකි. 2018දී ඇරඹූ Fcode Labs වර්තමානයේදී උසස් තත්ත්වයේ මෘදුකාංග සංවර්ධනය කරන සේවකයන් 60කින් සමන්විතය. Fcode Labs 2018දී සහ 2019දීද ඊ ස්වාභිමානී සම්මාන දිනා ඇත. මෑතකදී Fcode Labs ආසියාවේ සේවය කිරීම සඳහා 35 වැනි හොඳම සේවා ස්ථානය ලෙසද (කුඩා සහ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ) Great Place to Work විසින් තෝරා ගන්නා ලදී.
Video Story