උකස් ව්‍යාපාරයෙන් බිලියනයක් හොයන සැලසුමක්

    November, 15, 2016

    මෙරට ක්‍රියාත්මක උකස් මධ්‍යස්ථාන වෙනුවෙන් එක් ඒකකයක් සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රුපියල් 100,000 ක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත. මේ අනුව රුපියල් මිලියන 1,000 ක ආදායමක් උපයා ගැනීමට මෙමඟින් ඇස්තමේන්තු කරන බව මුදල් අමාත්‍යවරයා පසුගිය දා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, උකස් කටයුතු මෙරට ග්‍රාමීය සමාජය විශේෂයෙන්ම මූල්‍ය අපහසුතාවල දී උකස් ගනුදෙනු මත යැපෙන බවත්, බොහෝ දුරට පාලනයක් රහිත උකස්කරුවන් මෙම මිනිසුන් සූරා කෑමට ලක්කරනු ලබන බවත්ය.