December, 15, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT හි ජාතික මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. මෙමගින් වසර 15කට අධික කාලයක් පුරාවට උතුරු පළාත් ප්‍රජාවගේ උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙයක් කළ ESOFT UNI හි අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ.
2009 වර්ෂයේ දී යාපනයේ නාවලර් පාරේ ස්ථාපිත කරන ලද ESOFT මෙට්‍රෝ කැම්පස් තුළින්, සිසු දරුවන් දහස් ගණනකට ඩිප්ලෝමා සහ උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් හැදෑරීමට පුළුල් ප්‍රවේශයක් සලසා දී තිබුණි. අද වනවිට එය, ESOFT UNI ලෙස පරිවර්තනය වෙමින්, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කළමනාකාරණය, ඉංජිනේරු විද්‍යාව, ආගන්තුක සත්කාර කළමනාකරණය සහ භාෂා යන පාඨමාලාවන් ඔස්සේ සිය උසස් අධ්‍යාපනික වැඩසටහන් පිරිනැමීමට කටයුතු කරනු ලබයි. නවීන විද්‍යාගාර, ජාත්‍යන්තර වශයෙන් පෙළගස්වන ලද විෂයමාලාවන්ගෙන් සමන්විතව, කීර්තිමත් ජාත්‍යන්තර හවුල්කාරී ආයතනයන් සමඟින් මෙම අධ්‍යන පාඨමාලාවන් දියත් කිරීමට ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ එකම Pearson Platinum (එක්සත් රාජධානියේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක්) සහකරු වශයෙන්, ESOFT UNI ලන්ඩන්හි මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සහ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සමග සහයෝගයෙන්, උතුරු පළාතෙහි සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ හිඳිමින්, ජාත්‍යන්තරව පිළිගත් උපාධි හැදෑරීමට පහසුකම් සලසා තිබීම ද සුවිශේෂී වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ESOFT මෙට්රෝ කැම්පස් සහ ESOFT UNI හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්ය දයාන් රාජපක්ෂ මහතා ‘‘මා මීට වසර 15කට පෙර යාපනයේ ESOFT මෙට්‍රෝ කැම්පස් ආරම්භ කළ අවස්ථාවේ දී අපේ තරුණ තරුණියන් සතු විශ්මිත අධ්‍යාපනික හැකියාවන් වගේම උසස් අධ්‍යාපන තුළින් ඒවා ළඟා කර ගැනීමට තම දරුවන්ව විදේශගත කිරීමට දෙමාපියන් මුහුණ දුන් ආර්ථික අභියෝගයන් හොඳින් හඳුනා ගත්තා. ESU Jaffna විවෘත කිරීමත් සමග වත්මන් සිසු දරුවන්ට විදේශ රටකට හෝ වෙනත් පළාතකට හෝ සංක්‍රමණය නොවී තමන්ගේ ප්‍රදේශය තුළම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධි වැඩසටහන් හැදෑරිමට අවස්ථාව සැලසෙනු ඇති බව මා තදින්ම විශ්වාස කරනවා. වර්ෂ ගණනාවක් පුරාවට යාපනය ප්‍රදේශය තුළ අප ලබාගත් අත්දැකීම් අනුව බලන කළ, උසස් අධ්‍යාපනයට ඇති බාධාවන් ඉවත් කොට ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසූ විට, ඔවුන් කුසලතාවයෙන් පිරිපුන් පිරිසක් බවට පත් වීම අනිවාර්යෙන් සිදු වේවි’’
වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතාගේ අදහස් දැක්වීමට වැඩි යමක් එක් කළ, ESOFT UNI – Jaffna හි උප කුලපති මහාචාර්ය එස්. මෝහනදාස් මහතා, ‘‘නවතම ESOFT UNI – Jaffna විවෘත කිරීම, උතුරු පළාතේ උසස් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා වන වැදගත් පියවරක් වෙනවා. නවීන, අංගසම්පූර්ණ පහසුකම් සහ විධිමත් අධ්‍යයන මාලාවක් සමගින් යාපනයේ සිසු දරුවන්ට දැන් තමන්ගේ නිවසට සමීපව, ගුණාත්මක උසස් අධ්‍යාපනයක නිරත වීමට භාග්‍යය උදා වී තිබෙනවා. අනාගත පරම්පරාවේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය දැනුම, කුසලතාවන් සහ ඊට සුදුසු අවස්ථාවන්ගෙන් සමන්විත අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය, ඔවුනට දොරටු විවෘත කර දී තිබෙනවා’’
උසස් මට්ටමේ යටිතල පහසුකම් සහ වැඩිදියුණු කළ අධ්‍යයන වැඩසටහන් සමගින් ESOFT UNI – Jaffna, උතුරු පළාතේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය බවට පත් වනු ඇත. මීට පෙර විවෘත කරනු ලැබූ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතනයක් ද සමගින් ESOFT UNI, දිවයින පුරා සිටින සිසු දරුවන්ට ගෝලීය වශයෙන් තරඟකාරී උසස් අධ්‍යාපනයක් පිරිනැමීමේ නිරන්තර කාර්යභාර්යයට උර දෙමින් සිටී.

ඡායාරූප විස්තරය - නවීනතම දේශන ශාලා, සහයෝගීතා ඉගෙනුම් අවකාශයන් සහ අති නවීන රසායනාගාරයන්ගෙන් සමන්විත ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය විවෘත කළ අයුරු.
Video Story