ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

    July, 21, 2025

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.

    2025 මැයි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.6% ක් ලෙසිනි.

    මැයි මාසයේ දී 5.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ දී  4.2% ක් දක්වා අඩු වී ඇති අතර මැයි මාසයේ දී -3.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ දී -2.8% ක් දක්වා වැඩි වී ඇත.