උද්ධමනය ලක්ෂ්‍යමය පදනමෙන් පහළට. සාමාන්‍ය පදනමින් ඉහළට

    May, 23, 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 8.6 හිසිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 8.4 දක්වා පහළ ගියේය. 2017 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 5.6 හි සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 මාර්තු මාසයේ වාර්තා වූ දර්ශක 119.5 සිට 2017 අප්‍රේල් මාසයේ දී දර්ශක අංක 121.0 දක්වා ඉහළ ගියේය.

    ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් තුළ එළවළු, පොල්, කෙසෙල්, මාළු, අර්තාපල්, රතු ළූණු සහ කුකුල් මස් මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන, ආපනශාලා සහ හෝටල්, විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයෙහි ඇතුළත් ඇතැම් අයිතමවල මිල ගණන් ද 2017 අප්‍රේල් මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන උපකාණ්ඩයෙහි මිල ගණන් මාසය තුළ දී නොවනස්ව පැවතිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මාර්තු මාසයේ දී පැවති සියයට 7.0 හි සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 5.9 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගියේය. මෙම පහළ යෑමට සාපේක්ෂව අඩු මාසික වෙනස්වීම සහ පදනමෙහි බලපෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.6 හි නොවනසන් පැවතිණි.

    press_20170522s2

    press_20170522s3

     

    Video Story

    Stock Market

    Exchange Rates