උද්ධමන ඉලක්කම්වල වෙනසක්. ආහාර උද්ධමනය ඉහළට

    May, 21, 2025

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -0.8% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.

    2025 මාර්තු මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -1.9% ක් ලෙසිනි.

    මාර්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී ඇති අතර මාර්තු මාසයේ දී -4.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ දී -3.7% ක් දක්වා වැඩි වී ඇත.