October, 19, 2016
'හයිඩ්‍රොමෙක්’ (Hidromek) සන්නාමයට අයත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීමට උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් (පුද්.) සමාගම [Udeshi Tracks & Equipment (Pvt) Ltd -Utrax®] පසුගියදා කටයුතු කළේ ය. කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය වන ‘උදේෂි සිටි’ හිදී ඔක්තෝබර් 14 වන දින මෙම යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදුකරන ලද අතර මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ තුර්කි තානාපති Tunca Ozcuhadar මහතාද සහභාගී විය.
මෙම උපකරණ හඳුන්වා දෙමින් සමාගම පවසා සිටියේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන බර යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් තුර්කියේ ප‍්‍රමුඛතම නිෂ්පාදකයා වන්නේ ‘හයිඩ්‍රොමෙක්’ බවයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට මින් පසු එම යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් ඇති ඉහළම මට්ටමේ තේරීම ‘හයිඩ්‍රොමෙක්’ වනු ඇත. සම්මාන දිනූ නිෂ්පාදන සැලසුම් සහ නවීනතම තාක්ෂණය මුසුකරමින් යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීම නිසා දේශීය වෙළඳපොළ ජයගනිමින් කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තර තලයටද පිවිසීමට ‘හයිඩ්‍රොමෙක්’ සමත් විය.
උදේෂි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සහ මේ වනවිට ප‍්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යපෘති කිහිපයක් මෙහෙයවා ඇති සුපුන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ මෙම යන්ත්‍රෝපකරණ තුර්කියේ ඉහළම පහසුකම් සහිත කර්මාන්තශාලාවල නිෂ්පාදනය කර ඇති බවයි. ”ශ‍්‍රී ලංකාවේ මීට සමාන ඕනෑම යන්ත‍්‍රයකට වඩා හොඳ ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නට මේ යන්ත‍්‍ර වලට හැකියාව තිබෙනවා. මෙරටදී මිලදීගත හැකි වන එකම යුරෝපීය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ එකතුව මෙයයි. ඉදිකිරීම් සමාගමක් ලෙස අපි ක්ෂේත‍්‍රයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොන විදිහේ යන්ත්‍රෝපකරණද කියා හොඳින් හඳුනනවා. ‘හයිඩ්‍රොමෙක්’ නිෂ්පාදන මෙරටට හඳුන්වා දෙන්නට අපි කටයුතු කළේ ඒ නිසයි.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
මින් ඉදිරියට ‘හයිඩ්‍රොමෙක්’ සන්නාමය යටතේ එන බැකෝ ලෝඩර්, මිනි බැකෝ ලෝඩර්, වීල් එක්ස්කැවේටර් සහ වීල් ලෝඩර් ඇතුළුව තවත් යන්ත්‍රෝපකරණ රැුසක් සඳහා මෙරට නිල නියෝජිත වශයෙන් ඹඑර්ංඣ කටයුතු කරනු ඇත. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඇතිවී තිබෙන පිබිදීම නිසා තවත් යන්ත්‍රෝපකරණ රැුසක් මෙරටට හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව සුපුන් පෙරේරා මහතා අනාවරණය කළේ ය.
”ආයෝජකයන් මේ වනවිට ක්ෂේත‍්‍රයේ අනාගතය ගැන සුභවාදී ආකල්ප දරනවා. ඉදිරියේදී තවත් ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරන්නට ඔවුන් සූදානම්. ඒ නිසා ‘හයිඩ්‍රොමෙක්’ මෙරටට හඳුන්වා දීමට හොඳම කාලය මෙය බව අප විශ්වාස කරනවා. අප ගැන විශ්වාසය තබා මේ හඳුන්වා දීමේ අවස්ථාවටත් පෙර පළමු ඇණවුම ලබාදුන් ‘සන් කන්ස්ට‍්‍රක්ෂන්’ ආයතනයට ස්තූති කිරීමටත් මා කැමතියි.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
තම සමාගම උදේෂි සමූහ ව්‍යාපාරය සමග දිගු කාලයක පටන් සම්බන්ධතා පවත්වන බවත් මේ සමීප සම්බන්ධතාව ඉදිරියටත් එලෙසම පවත්වාගැනීමට බලාපොරොත්තු වන බවත් ‘සන් කන්ස්ට‍්‍රක්ෂන්’ සමාගමේ ඔමාර්ඞීන් අස්ෆර් මහතා කියා සිටියේ ය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ‘හයිඩ්‍රොමෙක්’ උපකරණ හඳුන්වා දීම මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට විශාල පිටිවහලක් වනු ඇති බවයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ‘හයිඩ්‍රොමෙක්’ සමාගමේ අපනයන ක්ෂේත‍්‍ර කළමනාකරු වසීම් රහීම් මහතා, ශ‍්‍රී ලංකාවේ තම වෙළඳපොළ කොටස වර්ධනය කරගැනීම සමාගමේ අපේක්ෂාව වන බව පැවසී ය. ”අපේ නිෂ්පාදන ගැන ලොකු විශ්වාසයක් අපට තිබෙනවා. නිරන්තරයෙන් සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඔස්සේ අප උත්සාහ කරන්නේ ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් යුත්, භාවිතය පහසු, කල් පවතින සහ නඩත්තු වියදම් අඩු නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමයි. මේ වනවිට රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන් අපගේ යන්ත්‍රෝපකරණ භාවිතා කරනවා. ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේත් ප‍්‍රමුඛතම තේරීම බවට ‘හයිඩ්‍රොමෙක්’ යන්ත්‍රෝපකරණ පත්වේවි කියා අපට විශ්වාසයි.” ඒ මහතා පැවසී ය.
උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් සමාගම යනු 1986 දී ආරම්භ වූ උදේෂි සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමකි. සභාපති එම්. ජී. පෙරේරා මහතා විසින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා මුලින්ම උදේෂි ටේ‍්‍රඩර්ස් සමාගම ආරම්භ කළ අතර ඉන් අනතුරුව එය ඉදිකිරීම්, දේපළ සංවර්ධන සහ කොන්ත‍්‍රාත් සේවා ඇතුළු ක්ෂේත‍්‍ර රැුසකට ව්‍යාප්ත විය. ක‍්‍රමක‍්‍රමයෙන් විවිධාංගීකරණය වූ එම සමාගමට අනුබද්ධව, පෙරේරා පවුලේ සාමාජිකයන්ගේ මගපෙන්වීම සහ කළමනාකරණය යටතේ ‘උදේෂි සිටි’ සහ ‘උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් සමාගම’ පිහිටුවන ලදි. මේ වනවිට ඹඑර්ංඣ ජපානයේ සුමිටොමෝ සහ මැලේසියාවේ අල්ට්රාටේරක්ස් වැනි යන්ත්‍රෝපකරණ සන්නාම සඳහාද මෙරට නියෝජිතයන් ලෙස කටයුතු කරයි. මෙරට ඉතිහාසයේ විශාලතම හයිඩ්‍රොලික් එක්ස්කැවේටර් යන්ත‍්‍ර ඇණවුම සැපයීම සම්බන්ධ වාර්තාවටද එම සමාගම හිමිකම් කියන අතර ඒ යටතේ NEM Constructions සමාගම වෙත සුමිටොමෝ හයිඩ්‍රොලික් එක්ස්කැවේටර් යන්ත‍්‍ර 35 ක් සපයන ලදි.
Video Story