December, 4, 2019
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය පීඨය විසින් මෙහෙයවන වෘත්තීය ගණකාධිකාරණය පිළිබඳ පශ්චාත් උපාධිය (Master of Professional Accounting) (MPACC) ලබන 2019 ශිෂ්‍ය කණ්ඩායම විසින් ‘උපාය මාර්ගික විප්ලවය’ යන තේමාව යටතේ 2019 වර්ෂයේදීද උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ සැසියක් 2019 දෙසැම්බර් මස 07 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය පීඨය ශ්‍රවණාගාරයේදී ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි.
වාර්ෂික ක්‍රමෝපාය සංසදය යනු උපායමාර්ගික කළමනාකරණයේ මාතෘකා හා නවෝත්පාදනයන් පිළිබඳව බලගතු ව්‍යාපාරික නායකයින්ගෙන් ඔවුන්ගේ සිද්ධි අධ්‍යයන උදාහරණ වලින් ඇදහිය නොහැකි අවබෝධය බෙදාහදා ගන්නා සහ ක්‍රියාකාරී උපක්‍රම සහ උපාය මාර්ග වලින් නව ව්‍යාපාරික දැණුම ලබාගන්නා නැවුම් අත්දැකීමකි. ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ සැමට දැනුම, කුසලතාව, ආකල්ප වර්ධනය තුලින් උපාය මාර්ගික නිපුණතා සහ නව ව්‍යාපාරික දැනුම ලබා ගැනීමට පැමිණෙන ලෙස කාරුණිකව ආරාධනය කරයි.
මේ වසරේ අපගේ විශේෂ මණ්ඩලයට ඇතුළත් වන්නේ
අසංග රණසිංහ මහතා - ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන අලෙවිකරණ නිලධාරී
ආචාර්ය රවී ලියනගේ - රයිගම් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී / සභාපති
ෂෙරින් යසීන් මහත්මිය - ඇමරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී
දුෂ්මන්ත තොටවත්ත මහතා - ප්‍රධාන විධායක නිලධාරී, ලංකා සතොස
ස්ථානය
සම්මන්ත්‍රණ ශාලාව 1
පශ්චාත් උපාධි අධ්‍යනය පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
දිනය - 2019 දෙසැම්බර් 07
වේලාව - උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා
වැඩි විස්තර සඳහා අමතන්න අංකය: සංජීව ප්‍රියංග 071-4486890