August, 28, 2019
සදාහරිත වැවිලි සමාගම ජාතික වාණිජ වන වගාවේ පුරෝගාමියා වන අතර වාණිජමය වශයෙන් අගාවුඞ් නිෂ්පාදනය කිරීම සඳහා පේටන්ට් බලපත්‍ර හිමි එකම සමාගමයි. ඒ අනුව ඔවුන් උසස් තත්වයේ අගාවුඞ් නිෂ්පාදනය කිරීම සඳහා මෑතකදී ශාක එන්නත් කිරීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
අගාවුඞ් යනු අදුරු පැහැයක් ගන්නා ඉතා සුගන්ධවත් රෙසීන විශේෂයකි. මෙම රෙසීන විශේෂය සඳහා හිමිවන මුල්‍යමය වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නා අතර සුවඳ විලවුන් , සුවඳ දුම්, සුගන්ධවත් තෙල් වර්ග, ඖෂධ, සුගන්ධවත් ශාක සාර හා තෙල් යොදා කරන ප්‍රතිකාරයන්ට, රුපලාවණ්යය නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන ලෝකයේ ඉහළ ඉල්ලූමක් ඇති අද්විතීය අමු ද්‍රවයකි.
අගාවුඞ් ස්වභාවිකව නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමී දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියකි. නමුත් මෙම ස්වභාවිකව සිදු වන ක්‍රියාවලිය ඉක්මන් කිරීමේ හැකියාව ඇත. එහිදී ශාකය සිදුරු කෙරෙන අතර හානිය අවම කර ගැනීම සඳහා ශාකය ස්වභාවිකව ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස හානියට පත් වූ ගසේ අභ්‍යන්තර ප්‍රදේශය වටා ලාටු වැනි රෙසීනයක් වර්ධනය කර ගනිමින් ප්‍රතික්‍රියා දැක්වීම ආරම්භ කරයි.
වාණිජ වන වගාව පිළිබඳව වසර 17කට අසන්න කාලයක් අත්දැකීම් ඇති සදාහරිත සමාගම අගාවුඞ් ස්වභාවික නිෂ්පාදන ක්‍රියාවලිය අනුකරණය කරමින් මෙම රෙසීන නිෂ්පාදනය කිරීමට යාමේදී එහි ගුණාත්මක භාවය අඩු වන බව හඳුනාගෙන ඇත.
එහිදී සදාහරිත සමාගමේ විද්‍යාගාර තුළ සිදු කරන ලද පර්යේෂණ මගින් සහ මෙම කර්මාන්තයේ විශේෂඥයින්ගේ උපදෙස් අනුව සමාගම විසින් ස්වභාවික උසස් ගුණාත්මකභාවය එලෙසින්ම රැකදෙන අගාවුඞ් නිෂ්පාදනය කිරීම සඳහා ජීව විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් සකස් කර තිබේ.
ඒ අනුව අගාවුඞ් පාරිභෝගිකයින්ට දීප්තිමත් අනාගතයක් සහතික කරන වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සදාහරිත සමාගම දිවයින පුරා වගා කරන ලද ගස් 400,000කට අධික ප්‍රමාණයක් එන්නත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.
මෙහිදී සදාහරිත අරමුණ වී ඇත්තේ 2013 සහ 2014 කාලය තුළ ආරම්භක අදියරේ දී රෝපණය කරන ලද සියලූම ගස් එන්නත් කිරීමය.
සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් ‘‘වසර අටකට වැඩි කාලයක් අපි පර්යේෂණ පවත්වා ඇති අතර මේ පිළිබඳව සිදු කර ඇති ජාත්‍යන්තර පර්යේෂණයන් පිළිබඳවද අධ්‍යනය කර තිබෙනවා. දැනුම හුවමාරු කර ගැනීමේ හැකියාව සහ ක්ෂේත්රයේ ඉහළ හැකියාවන්ගෙන් යුතු අපගේ කණ්ඩායමේ මුල පිරීමෙන් අපටම ආවේණික ජීව විද්‍යාත්මක ප්රතිකර්මයන් වඩාත් දියුණු කර තිබෙනවා. අප එය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරමිනුයි සිටින්නේ.’’
විශේෂයෙන්ම මැද පෙරදිග ඇතුළු ලෝක වෙළඳ පොළේ ඉහළ ඉල්ලූමක් පවතින අගාවුඞ් හි විද්‍යාත්මක සංයෝග පිළිබඳව මෙන්ම ගුණාත්මකභාවය, පිළිබඳව ද මෙම කර්මාන්තයේ පෙරමුණ ගෙන කටයුතු කරන සදාහරිත සමාගම ඉහළ දැනුමින් පරිපූර්ණය.
මිට අමතරව කෙටි කාලයක් තුළ ඉක්මණින් අගාවුඞ් රෙසීන අස්වැන්න නෙලීමට උත්සාහ කිරීමේදී අගාවුඞ් හි ගුණාත්මකභාවයට සිදුවන හානිය පිළිබඳව සදාහරිත ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇත.
ස්වභාවික අගාවුඞ් නිෂ්පාදනය කිරීම සඳහා වන සදාහරිත ක්ෂුද්‍ර ජීවී ප්රතිකර්මය එන්නත් කිරීම සඳහා වැය වන්නේ රු 7,500ක් පමණ වන අතර එන්නත් කිරීමෙන් වසර පහකට පසු ගනුදෙනුකරුවන්ට ගසෙන් අගාවුඞ් අස්වැන්න ලබා ගැනීමට හැකිය. මෙම ප්‍රතිකාර පැකේජය සමාගමේ ප්‍රධාන කාර්යාලයෙන් පහසුවෙන්ම ලබා ගැනීමට හැකියාව ඇත.
අගාවුඞ් වෙළෙද පොළේ අනාගත දියුණුව අවබෝධ කර ගනිමින් විදේශීය වෙළ`ද පොළේ බෙදා හැරීමේ ජාලය මේ වන විට ස්ථාපනය කර ඇති අතර එය මහා පරිමාණ අගාවුඞ් වැවිලිකරුවන්ට මෙන්ම ගෙවතු වගාකරුවන්ටද විශාල ශක්තියක් වනු ඇත.
අගාවුඞ් සඳහා ඉහළ පෙලේ වෙළඳපල වටිනාකමක් සහතික කරමින් අන්තර්ජාතික සහයෝගීතාවය යටතේ ඉල්ලූමට සරිලන නිෂ්පාදිතය සෘජුවම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අගාවුඞ්, සදාහරිත සිය ගනුදෙනුකරුවගෙන් මිලදී ගැනීමට අරමුණ කර ගෙන සිටී. එය ගනුදෙනුකරුවන් සඳහා ස්ථිර අදායම් මාර්ගයක් වනු ඇති අතර රටට විදේශ විනිමය උපයන ක්‍රියාවලියක්ද වෙයි.
මෙහිදී නවරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘මෙය අපට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. අපි අපගේ ගස් එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා. නුදුරු අනාගතයේදී එහි ස්ථිරසාර ප්‍රතිඵල අපට ලබා ගැනීමට හැකියි.’’
Video Story