June, 23, 2016
උසස් පෙළ සිසුන්ගේ ඉගෙනුම් සහ අධ්‍යයන ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම සඳහා SLIIT ආයතනය, දිවයින පුරා වැඩමුළු 25 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළේය. විනෝද අංග රැසක් කැටිකොට ගත් මෙම වැඩමුළු මාලාව වසර තුනක කාලයක පටන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දරු-දැරියන් වෙනුවෙන් දියත් කෙරේ. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය SLIIT ආයතනය මෑතකදී වැඩමුළු සංවිධානය කළ පාසල් අතර වේ.
"විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාවන අධික තරගය හේතුවෙන් උසස් පෙළ සිසුන් දැඩි පීඩනයට ලක් වනවා. දුර්වල අධ්‍යාපන කුසලතා, පීඩන කළමනාකරණය පිළිබඳ දැනුම අඩු වීම මෙන්ම සිය අනාගත වෘත්තීය දිවිය පිළිබඳ පවතින අවිනිශ්චිතතාව එම පීඩනය සඳහා බෙහෙවින් බලපායි. ඒ අනුව අපගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ඉගෙනුම් සහ අධ්‍යපාන කුසලතා, ආත්ම විශ්වාසය ගොඩනැගීම, මානසික පීඩනයෙන් අත්මිදීම හා ඊට අදාළ ව්‍යායාම සහ උසස් පෙළින් පසු අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථාවන් ආදී අංශ රැසක් පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීම සඳහා අප මෙම වැඩමුළු මාලාව සංවිධානය කළා." "සුන්දර ගුරු ගෙදර" වැඩමුළු මාලාවේ ප්රාරම්භක ආචාර්ය තීක්ෂණ සුරවීර මහතා සඳහන් කළේය.
තොරතුරු අනුරූපණය, කාල කළමනාකරණය, අමතක වීමේ චක්‍රය, කණ්ඩායම් හැඟීම සහ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමේ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු සුවිශේෂී අංග රැසකින් මෙම වැඩමුළු මාලාව සමන්විත වේ. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් ම පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, SLIIT ආයතනයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් මුළුමනින් ම නොමිලයේ පැවැත්වෙන අතර වරකට උසස් පෙළ සිසුන් 250 දෙනෙකු සඳහා සහභාගී විය හැකි ලෙස සංවිධානය කෙරේ.
"මෙම වැඩමුළු මාලාව සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ සිසුන්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර අප වෙත ලැබෙමින් පවතිනවා. සිය පංති කාමරය තුළදී මෙන්ම අනාගත වෘත්තීය ජීවිතය තුළ ද සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා සිසුන්ට අතහිත දෙමින් තවත් වැඩමුළු රැසක් ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාවයි." SLIIT ආයතනයේ ප්‍රධානී/ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා ප්‍රකාශ කළේය.
වැඩමුළු පිළිබඳ වැඩිදුර විස්තර 0777 685421 අංකයට ඇමතීමෙන් හෝ info@sliit.lk විද්‍යුත් තැපැල් ලිපිනයට ලිපියක් යොමු කිරීමෙන් හෝ ලබා ගත හැකිය.
Video Story