July, 24, 2016
මහ මඟ වයලීනයක් වාදනය කරමින් මුදල් යදිමින් සිටි විදේශීය තරුණියක් ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අවවාද කර මුදා හැර තිබේ.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි සමර් ටවුන් හි පදිංචි මෙම 24 හැවිරිදි තරුණිය රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ වාඩිලාගෙන වයලීනයක් වයමින් සිටියදීය. පසුගිය ජූලි 08 වන දින ඇය මසක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අද දින (24) ඇය මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.
අත්අඩංගුවට ගත් පසු ඇය පොලිසියට අනාවරණය කර ඇත්තේ තමාගේ එදිනෙදා වියදම් සඳහා මුදල්වල හිඟයක් ඇති වී තිබෙන බවත් එය සපුරා ගැනීම සඳහා මෙලෙසින් මුදල් ඉපයීමට කටයුතු කළ බවත්ය.
1948 අංක 20 දරණ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ට හිඟා කෑම තහනම් කොට තිබේ.
අදාළ තරුණියට අවවාද කොට මුදා හැරීමට පොලිසිය කටයුතු කොට ඇත.