July, 25, 2016
මෙරට තැඹිලි වතුර ප්‍රථම වතාවට බෝතල් කළ පානයක් ලෙසින් ලංඩනයේ දී ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලංඩනයේ සුප්‍රසිද්ධ Harrods සාප්පු සංකීරණයේ දී බෝතල් කළ තැඹිලි වතුර අලෙවි කිරීමට Jeeva Natural UK Ltd හි නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා භාවි කනඩියා විසින් මුලපුරනු ලැබීය. මේ සඳහා බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්නගෙන් ද සහාය පළ වී තිබේ.
පිලිපීනය, තායිලන්තය වැනි රටවලින් ආනයනය කරනු ලබන පැකට් හෝ බෝතල් කළ තැඹිලි වතුර බ්‍රිතාන්‍යයේ දී මිල දී ගත හැකි වුවද, ශ්‍රී ලංකාවේ තැඹිලි වතුර බ්‍රිතාන්‍ය වැසියන්ට රස බැලීමට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මේ සඳහා බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඉහළ ඉල්ලුමක් ඇති බව ද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Jeeva Natural UK Ltd හි නිර්මාතෘවරිය පවසා සිටිපන්නේ සෞඛ්‍ය සම්පන්න පානයක් ලෙසින් බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ සාප්පු හරහා මෙම තැඹිල පානය ජනප්‍රිය කරලීමට තමන් පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් තැඹිලි වතුර අපනයන කිරීමට පටන් ගැනීමත් සමඟම දේශීය වෙළෙඳපොළේ තැඹිලි මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙන අතර අද දෙරණ කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ සාමාන්‍ය තැඹිලි ගෙඩියක මිල මේ වන විට රු. 80 ක් තරම් ඉහළ ගොස් ඇති බවයි.