එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් රබර් ටයර්වලට පනවන ලද ප්‍රතිතෝලන බද්දට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් ශ්‍රී ලංකාවට ජය

    July, 18, 2018

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ තවත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කෙරෙන රබර් ටයර්වලට එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පනවන ලද 2.18% ප්‍රතිතෝලන බද්දට එරෙහිව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ නඩු තීන්දුව 2018 ජූලි 11 වන දින එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණය මගින් ශ්‍රී ලංකාවට වාසි සහගත වන අයුරිනි ලබා දෙන ලදී.

    එක්සත් ජනපද රබර් සම්බන්ධ කර්මාන්ත එකතුවක් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව (USDOC) සහ ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ කොමිසම (USITC)  වෙත ගොනු කල පෙත්සමක් මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ආනයනය කරන Off-the-road tyres සඳහා රජයෙන් සහනාධාරයක් ලබා දෙන බවත් එවන් අනුගෘහිත ආනයන හේතුවෙන් එක්සත් ජනපදයේ දේශීය රබර් කර්මාන්තයට හානි සිදු වීම හෝ හානි වීමේ තර්ජනයක් ඇති වන බවට කරුණු ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම පාදක කොටගෙන එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට සිදුකරන මාර්ගයෙහි නොදිවෙන රබර් ටයර් අපනයනයන් සඳහා ප්‍රතිතෝලන බද්දක් පැනවීමේ අරමුණින් යුතුව සහනාධාර සහ ප්‍රතිතෝලන බදු පිළිබඳ විමර්ශනයක් දියත් කරන ලදී.ප්‍රතිතොලන බදු සීමාව ගණනය කිරීම සඳහා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ පවතින පහත දැක්වෙන සහනාධාර වැඩසටහන් යොදාගන්නා ලදී.

    ·       ආයෝජන සහ අතරමැදි භාණ්ඩ සඳහා රාජ්‍ය මුල්‍ය බදු සහන/නිදහස් කිරීම්

    ·       සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන අපනයනකරුවන් සඳහා සහන ලබාදීම්

    ·       කුඩා රබර් වතු හිමියන්ගේ නිෂ්පාදන සඳහා ලබාදෙන සහතික මිල ක්‍රමය

    විමර්ශනයන්ගෙන් අනතුරුවඑක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මස 4 දින ප්‍රතිතෝලන බදු විමර්ශනයේ අවසන් තීරණය නිකුත් කරන ලද අතර ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන මාර්ගයෙහි නොදිවෙන ටයර් සඳහා 2.18% ක ප්‍රතිතෝලන බද්දක් පනවන ලදී.

    මෙම විමර්ශනයේ දී ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන්නීතිපති දෙපාර්තමේන්තුව හා අගතියට පත් ශ්‍රී ලාංකීය සමාගම සමඟින් එක්ව වාණිජ දෙපාර්තමේන්තුව විසින්  පෙත්සම්කරුගේ චෝදනා බිඳහෙළමින් කරුණු ගණනාවක් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව හා ජාන්ත්‍යන්තර වෙළඳ කොමිසම වෙත  ඉදිරිපත් කරන ලදීඑසේම, අවසන් ප්‍රතිතෝලන බද්ද වන 2.18% ක් පැනවීමෙන් පසුශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් අනෙකුත් අදාල ආයතනයන්ගෙන් සහ දේශීය සමාගමේ ද සහය ඇතිව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් තීරණයට එරෙහිව ජාත්යන්තර වෙළඳාම පිළිබඳ එක්සත් ජනපද අධිකරණය ඉදිරියේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

    අභියාචන විමර්ශනයේදී ශ්‍රී ලංකා රජය විසින් කල සාධනීය කරුණු දැක්වීම් සහ මැදිහත් වීමේ ප්‍රථිඵලයක් ලෙස ප්‍රතිතොලන බදු ප්‍රමාණය ලෝක වෙළඳ සංවිධානයේ ගිවිසුම්හි දැක්වෙන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටක් වෙත පැනවිය හැකි 2% ක අවම මට්ටමක ප්‍රතිතෝලන බදු ප්‍රතිශතයටත් වඩා පහතට වැටී ඇති අතර එම හේතුවෙන් ලෝක වෙලඳ සංවිධාන නීති අනුව ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කෙරෙන මාර්ගයෙහි නොදිවෙන රබර් ටයර්වලට එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පනවන ලද සම්පුර්න ප්‍රතිතෝලන බද්ද අවලංගු වනු ඇත. 

    Video Story

    Stock Market

    Exchange Rates