අමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් ක්‍රිස්ටලීනා ජෝජියේවාගෙන් ප්‍රකාශයක්

    April, 4, 2025

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා පවසන්නේ, මෙමගින් ඇති වෙන සාර්ව ආර්ථික බලපෑම පිළිබඳ මූල්‍ය අරමුදල තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

    වෙළෙඳාම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන උණුසුම සමනය කරමින් අවිනිශ්චිතතාවය අවම කරන ලෙස අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ එහි සියලු වෙළෙඳ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය පවසා සිටියි.

    තව ද අමෙරිකානු තීරුබදු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය මේ මස අවසානයේ පැවැත්වෙන IMF සහ ලෝක බැංකු වසන්ත රැස්වීමේදී නිකුත් කරන බව ද ඇය එම නිවේදනයෙන්ස වැඩි දුරටත් සඳහන් කර සිටියි.