එක්ස්පෝලංකා තීරණයට එරෙහිව කොටස්කරුවෝ 9ක් අධිකරණයට

    May, 28, 2024

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සුළුපරිමාණ කොටස්කරුවන් 9 දෙනෙකු අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

    ඒ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමිනි.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම පවසන්නේ එම කොටස්කරුවන් 9 දෙනා සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 0.012%කට හිමිකම් කියනු ලබන බවයි.

    එම නිවේදනය පහතින් දැක්වේ.