එක්ස්පෝලංකා වෙතින් මහජනතාවට දැනුම් දීමක්

    September, 12, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, අද (12) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජයවර්ධන විසින් දැනුම් දී සිටී.

    මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් මහජනතාව වෙත ප්‍රසිද්ධ දැනුම්දීමක් කරමින් පවසන්නේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවෙන් "පොදු ලැයිස්තුගත සමාගමක්" වශයෙන් පැවත "සීමිත සමාගමක්" ලෙස එහි තත්ත්වය වෙනස් කිරීම හේතුවෙන්, "පොදු ලැයිස්තුගත සමාගමක්" ලෙසට පැවැති නම "පොදු සමාගමක්" ලෙසට වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි.

    මීට අදාළ නිල නිවේදන පහතින් දැක්වේ.