October, 13, 2014
එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයේ විශාලතම ජංගම දුරකතන සමාගම වන එටිසලාට් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීම සඳහා ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් කිහිපයක් සමගම සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අතර ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම ඉදිරියෙන් සිටින බවත් වාර්තා වේ.
මූලාශ්‍ර උපුටා දක්වමින් මේ බව “ඇරබියන් බිස්නස්“ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
2010 වසරේදී එටිසලාට් ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළේ ටීගෝ සමාගම ඩොලර් මිලියන 155 කට මිලේනියම් ඉන්ටර්නැෂනල් සෙලියුලර් සමාගමෙන් මිලදී ගනිමිනි.
ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ සමාගම් පහක් ලංකාවේ ක්‍රියාත්මක වන නිසා මෙම ව්‍යාපාරය දැඩි තරගකාරී අතර මෙම සමාගම් මෙරට සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්නේ දැඩි අභියෝගාත්මක පරිසරයකයි.
වාර්තාවන ආකාරයට එටිසලාට් සමාගමේ මෙරට ව්‍යාපාරික කටයුතු මිලදීගැනීමට ඉන්දියාවේ අංක එකේ ජංගම දුරකතන සමාගම වන එයාර්ටෙල් සමාගම වැඩි කැමැත්තක් දක්වා තිබේ.
එටිසලාට් මේ වනවිට ලෝකයේ 12 වැනියට විශාලතම විදුලි සංදේශ සමාගම වන අතර රටවල් 19 ක සිය මෙහෙයුම් කටයුතු සිදු කරයි.
Video Story