එතනෝල් වලට වැට බැඳීම හමුවේ සුරා බදු ආදායම් නගී

    July, 3, 2015

    මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අතුරු වාර්තාවකින් අනාවරණය වන්නේ මේ වසරේ මුල් මාස හතර තුළදී සුරා බදු (Excise duties) ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 49 කින් පමණ රුපියල් බිලියන 33.5 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

    මෙහිදී, සැර මත්පැන් අලෙවිය මගින් ලබාගත් ආදායම් සියයට 32 කින් වර්ධනය වී තිබෙන අතර මේ වසරේ මුල් මාස හතර තුළ සැර මත්පැන් අලෙවිය සියයට 09 කින් වර්ධනය වී තිබේ.

    මෙහිදී, කැපී පෙනෙන කාරණයක් වන්නේ බදු නොගෙවමින් මෙරටට ගෙන එන එතනෝල් වලට වැට බැඳීමට නව රජය ක්‍රියා කිරීම රජයේ සුරා බදු ආදායම් වර්ධනය වීමට හේතුවක්ව තිබෙන බවයි.